Press "Enter" to skip to content

අත්හදාබැලීමක් ලෙස ගෑස් සංයුතියේ වෙනසක් කළ බව සමාගමේ කළමනාකරු පිළිගනී

පසුගිය ජූලි මාසයේදී ගෑස් සිලින්ඩර්වල සංයුතියේ වෙනසක් සිදු කර සාම්පල් සිලින්ඩර් කිහිපයක් වෙළෙඳ පොළට නිකුත් කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ කර්මාන්ත ශාලා කළමනාකරු අයි. විජේරත්න මහතා රූපවාහිනී සේවයකට පවසා තිබේ.

අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේ, පැවති සම්මත සංයුතියේ සැලකිය යුතු වෙනසක් එහිදී සිදු කළ බව ය.

එම අත්හදාබැලීම සාර්ථක නොවූ හෙයින් අදාළ සිලින්ඩර් වෙළෙඳ පොළෙන් ඉවත් කළ බව ද ඔහු පැවසීය.

මේ වන විට, වෙළෙඳ පොළේ පවතින ගෑස් සිලින්ඩර්වල සංයුතිය පැවති සම්මත අගයයන් අනුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.