Press "Enter" to skip to content

මහ රෑ වහලයේ උළු ගලවා ගෙට ඇවිත් නිදා සිටි කාන්තාවට හදි කරලා

යටකලාන ප‍්‍රදේශයේ තනිවම නිවසක නිදා සිටි හැත්තෑ හැවිරිදි අවිවාහක කාන්තාවක ඉකුත් 26 වැනිදා රාත‍්‍රී වහලයේ උළු ඉවත් කර නිවසට බැසි පුද්ගලයකු විසින් දූෂණය කර ඇතැයි මාරවිල පොලිසිය කියයි.

මෙම අවිවාහක කාන්තාව අක්කර දෙකක පමණ ඉඩමක පිහිටි නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර පවුලේ සහෝදරයින් අටදෙනෙකු වෙනත් ප‍්‍රදේශවල පදිංචිව සිට ඇත.

අදාළ සැකකරු පැමිණෙන අවස්ථාවේ ඇය තද නින්දේ පසු වී ඇති බවත් මුහුණ රෙදි කඩකින් වසා තමා දූෂණය කර ඇති බවත් පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වූ බවත් ඇය පොලිසියට පවසා ඇත.

මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. අයි. බී. සේමසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙහි විමර්ශන සිදු කරති.

නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්

More from GossipMore posts in Gossip »