Press "Enter" to skip to content

ඇඟලුම් කම්ගලේ වැසිකිලියෙන් හමු වූ දේ

පූඩළුඔය, නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසියට ඊයේ(29) ලද තොරතුරකට අනුව එම ඇඟලුම් කර්මාන්තශාලාව පිටුපස සිදුකළ සෝදිසියකදී මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.