Press "Enter" to skip to content

අහංගම හෝටලයකත් ගෑස් පිපිරුමක්!

අහංගම පොලිස් වසමේ හෝටලයක ගෑස් සිලින්ඩරයට සවිකර ඇති බටය පුපුරා ගොස් ගෑස් කාන්දුවක් සිදුවී ඇති බව වාර්තා වේ.

එමෙන්ම විශාල ශබ්දයක් හටගෙන ඇති බවද පොලිසියේ ඉහළ නිලධාරියෙකු සදහන් කොට ඇත.

මෙම ගෑස් සිලින්ඩරය හෝටලයේ මුළුතැන්ගෙට පිටතින් සවිකර තිබු බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් නොමැති බව අහංගම පොලිස්ථානය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි. -අරුණ

More from GossipMore posts in Gossip »