Press "Enter" to skip to content

නිකවැරටියේ නිවසක පිපිරීමක්

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමකින් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කර සිටිනවා.

එම පිපිරිම සිදුවන අවස්ථාවේ නිවැසියන් නිවසේ නොසිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කර සිටින්නේ.

නිවසේ තිබු ගෑස් ටැංකියක කාන්දුවීමෙන් මෙම පිපිරිම සිදුවන්නට ඇති බවට පොලිසිය සැකපළ කර සිටිනවා.

කෙසේවුවත් මෙම පිපිරිම ගෑස් කාන්දුවකින්ද නැත්නම් වෙනත් හේතුවක් නිසා සිදුවූවක් ද යන්න පිළිබඳව වැඩිදුරටත් අදාල අංශ සමග පොලීසිය පරීක්ෂණ සිදුකරන බවයි නිකවැරටිය පොලිසියේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

More from GossipMore posts in Gossip »