Press "Enter" to skip to content

එන්නත්කරණය අතරතුර හමුවූ ආසාදිතයින්ගෙන් නව කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබේ.

විද්‍යාඥයින් මෙම නව ප්‍රභේදය සොයාගෙන ඇත්තේ එන්නත්කරණය මධ්‍යයේ එරට ආසාදිතයන් යළි ඉහළ යමින් පවතින පසුබිමකය.

එරට බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය පවසන්නේ B.1.1.529 ලෙස නම්කර ඇති මේ ප්‍රභේදය බොට්ස්වානා හා හොංකොංවලින් ද හඳුනාගෙන ඇති බවය.

ඉහළ විකෘතිතා පෙන්නුම් කරන මෙම නව ප්‍රභේදය  එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අබිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකරයි.