Press "Enter" to skip to content

මව හා පියා බියවද්දා වසර තුනක් පුරා තම දාහතර හැවිරිදි නැගණිය අපයෝජනය කල නරුම සහෝදරයා

මවට හා පියාට මරණ තර්ජනය කොට බියවද්දා වසර තුනක් පුරා තම දාහතර හැවිරිදි නැගණිය බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ විසි දෙහැවිරිදි සොයුරකු ලබන මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ශීනිත් විජේසේකර මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ  ගම්පොල රත්මල්කඩුව හාටිෂෙල් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයාගෙන් දිනපතාම එල්ල වන මෙම අතවරවලින් බේරීමට නොහැකි ව සිටි මෙම 14 හැවිරිදි දැරිය සියදිවි නසා ගැනීමෙ අරමුණින් පේරාදෙණිය පාලම මතින් ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථාවක ත‍්‍රිරෝද රථ රියැදුරකු ඇය බේරාගෙන පේරාදෙණිය පොලිසියට භාරදීමෙන් පසු මෙම සිද්ධිය හෙළි වී ඇති බව පරීක්ෂණ පවත්වන  ගම්පොල පොලිසිය පවසයි.



මෙම විසි දෙහැවිරිදි තරුණයා ගේ වැඩිමහල් සොයුරාද මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටියද ඔහු විවාහ වී වෙනත් ප‍්‍රදේශයක පදිංචියක සිටින බව පොලිසිය පවසයි.

මව පියා හා නැගනිය සමග සිටින මෙම තරුණයා මෙම සිද්ධිය පොලිසියට හෝ වෙනත් අයකුට පැවසුවහොත් ඔවුන් මරණ බවට තර්ජනය කරන බවත් ඒ නිසා එය හෙළි නොකළ බවත් මව විසින් පොලිසියට පවසා තිබේ.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශියන්ත පීරිස් සහකාර පොලිස් අධිකාරී කමල් ආරියවංශ ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප‍්‍රනාන්දු යන අයගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, පොලිස් පරීක්ෂක ජයන්ත, පොලිස් සැරයන්වරුන් වන (4507* බණ්ඩාර, (28 946* රෝහිත යන නිලධාරීන් සමග ළමා හා කාන්තා කාර්යාංශය මෙහි පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

More from GossipMore posts in Gossip »