Press "Enter" to skip to content

එන්නත ගන්න ගිය මන්දමානසික තරුණිය රවටා ලැගුම්හළකට ගෙන ගොස් දූෂණය කරලා

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පැමිණි 20 හැවිරිදි මන්ද මානසික තරුණියක් රවටා ලැගුම් හලක් වෙත රැගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව සැකකරුවෙක් අද(24) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මෙම තරුණිය මීට මාසයකට පමණ ඉහතදී කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙතට යන අතරතුර සැකකාර පුද්ගලයා විසින් යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස් තරුණිය සමඟ මිතුරු වී ඇය විවාහ කරගන්නා බව පවසා යතුරු පැදියේ නංවාගෙන කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි ලැඟුම් හලක් වෙත රැගෙන ගොස් අතරවර කර ඇතැයි පොලිසිය කියයි.

අදාළ සිදුවීමෙන් දින 23කට පමණ පසු තරුණිය ඒ පිළිබඳව ඇගේ වැඩිමහල් සොහොයුරියට දැනුම්දිමෙන් අනතුරුව ඇය මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පෙදරේරුවෙකි.

More from GossipMore posts in Gossip »