Press "Enter" to skip to content

මවගේ අනියම් සැමියාට දහසය හැවිරිදි දියණියගෙන් පිහිපහරක්

පෝද්දල, කාසිදෙණිය පදිංචි ගුරුවරයකුගේ නිවසට ත‍්‍රිරෝද රථයකින් පැමිණි අවුරුදු 16ක  ගැහැනු ළමයකු සහ පිරිමි ළමයකු පෙරේදා (21 දා) රාත‍්‍රි ගුරුවරයාට පිහියෙන් ඇන පලාගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.

පිහි ඇනුමෙන් තුවාල ලබා ඇති බද්දේගම ප‍්‍රදේශයේ පාසලක 45 හැවිරිදි ගුරුවරයා බද්දේගම රෝහලට ඇතුළත් කර ඇත.

මෙම ගැහැනු ළමයාගේ මව සමග තුවාල ලැබු ගුරුවරයා අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන යන බවත් ඒ පිළිබඳ විමසීමට එම කාන්තාවගේ දියණිය ගුරුවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇතිවූ බහින් බස් වීමකදී මෙසේ පිහියෙන් ඇන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

අහංගම – සුගතපාල දීයගහගේ

More from GossipMore posts in Gossip »