Press "Enter" to skip to content

ආයතනයේ ලක්‍ෂ 15 ක් සොරාගෙන ඔන්ලයින්වලින් කැසිනෝ ගැසූ ගණකාධිකාරිවරයා

තමන් සේවය කරන ආයතනය සතු රුපියල් 15 ලක්ෂයක මුදලක් සොරාගෙන ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කැසිනෝ ක‍්‍රීඩාවේ යෙදුණු සහකාර ගණකාධිකාරිවරයෙක් පෙරේදා (20 දා)  අත්අඩංගුවට ගත් බව පානදුර විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු 33 හැවිරිදි බණ්ඩාරගම, කෝට්ටේගොඩ පදිංචි අයකු බව අපරාධ විමර්ශන අංශය පවසයි.

එම ආයතනයේ ප‍්‍රධාන ගණකාධිකාරිවරයා සතියක නිවාඩුවක් සඳහා ගොස් සිටි කාලයේ සහකාර ගණකාධිවරයා විසින් මෙම සොරකම සිදුකොට ඇතැයි විමර්ශන අංශය පවසයි.



සැකකාර සහකාර ගණකාධිකාරිවරයා කොල්ලූපිටිය ප‍්‍රධාන පෙළේ කැසිනෝ ආයතනයක ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කැසිනෝ ක‍්‍රීඩාවෙහි යෙදී ඇතැයි කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි විමර්ශන අංශය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආයතනයේ ප‍්‍රධාන කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව විමර්ශන අංශය වැඩිදුරටත් පවසයි.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි විමර්ශන අංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

පානදුර – දීපිකා කාරියවසම්

More from GossipMore posts in Gossip »