Press "Enter" to skip to content

රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින්න – රාජ්‍ය සේවකයින්ට නව නියෝගයක්

සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටිනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුක් කර තිබෙන මෙම නියෝගය කඩකළහොත්, විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවටද රාජ්‍ය සේවකයන්ට අනතුරු හගවා තිබෙන බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.

ප‍්‍රාදේශීය ලේකම්වරු-සංවර්ධන නිළධාරීන් සහ ග‍්‍රාමසේවකවරු රජය සහ රජයේ ප‍්‍රතිපත්ති සමාජ මාධ්‍යය ඔස්සේ විවේචනය කරමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් මත රජය මෙම පියවර ගෙන තිබේ.

ආයතන සංග‍්‍රහය අනුව, රාජ්‍ය සේවකයන් රජය විවේචන කිරීම වැරැුද්දක් බවත් ඊට එරෙහිව දැඩිපියවර ගත හැකි බවත් අදාල චක‍්‍රලේකයේ සදහන් ය.

රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කරන රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ලැබෙමින් පවතින පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

පැමිණිලි වැඩිම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ග‍්‍රාමසේවා නිළධාරීන්ට එරෙහිව බවයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »