පන්දුවාර T20 ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙහි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පසුගියදා හැකි වුණා.
ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින්.
වනිඳුට මේ වන විට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 776ක්.
ටබ්රිස් ශම්සි ශ්‍රේණිගත ලකුණු 770කට හිමිකම් කියමින් දෙවැනි ස්ථානයේ පසුවනවා.
2021 T20 ලෝක කුසලාන තරගාවලියේ දී වනිඳු බිද හෙලා ඇති කඩුලු ගණන 14ක්.
මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු කඩුලු ත්‍රිත්වයක් ද බිද හෙලීමට සමත් වුණා.
මේ අතර, අයි.සී.සී පන්දුවාර 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් හී සිව්වන ස්ථානය හිමි කර ගැනීමට ද වනිඳු හසරංග සමත්ව ඇත්තේ පිතිකරණයෙන් ද ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.
මෙම සියලු කරුණු මුල් කරගනිමින් වනිදු සිය ගෙල ප්‍රදේශයේ විශේෂ පච්චයක් (tattoo) කොටගෙන තිබෙනවා.

Published in Sports