Press "Enter" to skip to content

මියගිය පුද්ගලයින් ගැන තොරතුරු මෙතෙක් වාර්තා නැහැ

අද අලුයම් කාලයේ දී කොළඹ රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදු වී තිබෙනවා.ඒ පැරණි තුරග තරග පිටියේ පහළ ප්‍රේක්ෂකාගාරයේ, ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක් තුළයි.

හෝටල් පරිශ්‍රයේ සිදු වූ ගෑස් කාන්දුවක් නිසා මෙම පිපිරීම සිදු වී ඇති බවටයි දැනට සැක කරන්නේ.

පිපිරීමෙන් අනතුරු ව ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පොලිසිය විසින් කටයුතු කරනු ලබන බව වාර්තා වෙනවා.

සිදුවීමෙන් තුවාල ලැබූ හෝ මියගිය පුද්ගලයින් සම්බන්ධ තොරතුරු මෙතෙක් වාර්තා වී නො මැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

More from GossipMore posts in Gossip »