Press "Enter" to skip to content

මසකට පසු නිවසට යන සය නිවුන් දරුවෝ (VIDEO)

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත ඔක්තෝම්බර් මස 21 වනදා අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වුණා. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් සිදු කෙරුණු මෙම දරු උපත අලුයම 12 පසු වී මිනිත්තු කිහිපයකින් සිදු කර තිබුණා. 

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි.

මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත සිදුවී ඊයේ (19) දනට මාසයක කාලයක් සම්පූර්ණ වෙන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳුන් මේ වන විට සිය නිවසට යෑමට සුදානමින් සිටිනවා.

එම බිළිඳුන් අද වන විට නිරෝගි සුවයෙන් පසු වෙනවා.

කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා නම් මවකට දාව උපන් දරුවන් පිළිබඳ ඇය පැවසුවේ මෙවන් අදහසක්.

“මං හිතන්නේ මේක තමා ලෝකේ තියෙන ලොකුම සතුට. ඒක ඉතින් මේ දවස්වල හොඳටම විඳිනවා.”

More from GossipMore posts in Gossip »