Press "Enter" to skip to content

වසර 10ක් පුරා අක්කයි නංගිවයි අපයෝජනය කළ පාසල් වෑන්රථ රියදුරා

බාලවයස්කාර ගැහැණු දරුවන් දෙදෙනෙක් ව අපයෝජනයට ලක්කළ පුද්ගලයෙක් බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල, වැවතැන්න ප්‍රදේශයේ පාසල් වෑන්රථ රියදුරෙකු විසින් වසර 10ක් පුරා එම දැරියන් දෙදෙනා අපයෝජනයට ලක්කර ඇතැයි අනාවරණය වී ඇත.

එකම පවුලේ අක්කා සහ නංගීව අපයෝජනයට ලක්කර ඇත්තේ 41 හැවිරිදි එම දැරියන්ගේ නැන්දාගේ පුතා බව පොලීසිය පවසයි.

බාල දියණියට වයස අවුරුදු 4ක්ව සිටිය දී සහ වැඩිමහල් දියණියට වයස අවුරුදු 9ක් ව සිටිය දී ඔවුන් අපයෝජනයට ලක්කර ඇති අතර, මේ වනවිට දැරියන් ව අවස්ථා ගණනාවක දී අපයෝජනයට ලක්ව ඇතැයි අනාවරණය විය.

පසුගිය දිනක දී අදාළ සැකකාර රියදුරා බාල දියණියව අපයෝජනයට පත්කිරීමට උත්සහ කිරීමේ දී ඇය සිය සහෝදරිය සමග ඒ බව බණ්ඩාරවෙල පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එම ප්‍රදේශයේ තවත් දැරියන් කිහිපදෙනෙක් අපයෝජනයට ලක්කර ඇතැයි වාර්තා වන අතර, බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

More from GossipMore posts in Gossip »