වයස අවුරුදු 14ක දැරියක් නිවස තුළම දරුවකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම දැරිය කාලයක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නිවසක පදිංචිව සිටියදී ජංගම දුරකථනයෙන් හදුනාගත් පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
වයස අවුරුදු 14ක් වන මෙම දැරිය ගැබ්ගෙන ඇත්තේ ඔහුගෙනි.
බාලවයස්කාර දැරිය පසුගිය 31 වන දා සිය නිවස තුළදීම දරුවා ප්‍රසූත කර තිබෙනවා.
අලුත උපන් බිළිදාට එන්නත් ලබාදීම සඳහා වනාතමුල්ල ළමා හා මාතෘ සායනයට රැගෙන ගිය අවස්ථාවේදී සායනය බාර නිලධාරිනිය විසින් මෙම දැරිය ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික රෝහලේ පොලිස් නිලධාරීන් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කෙරුණු අතර බිලිදාගේ පියා යැයි සැකකරන දැරිය ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයාව බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.






