Press "Enter" to skip to content

සඳහිරු සෑය සම්බුදු සසුනට පූජා කෙරේ

සඳහිරු සෑය සමස්ත ලෝකවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සම්බුදු සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් උදාරතර කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ හා තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් සඳහිරු සෑය ඉදිකෙරුණි.

රටේ දෙවන විශාලතම චෛත්‍ය ලෙස මෙම අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑ චෛත්‍ය රාජාණන් වහන්සේ හදුන්වනු ලබයි.

2010 වර්ෂයේ නොවැම්බර් 22 වෙනිදා මුල්ගත් තබා ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ මෙම චෛත්‍ය පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසකින් යුක්තය. එය ගොඩනගා ඇත්තේද පොළොව මට්ටමේ සිට අඩි 45ක් යට සිටය.

මෙම චෛත්‍යට ”රණවිරු සෑය” යන නම මුලින් ඊට යෙදීමට තීරණය කෙරුණද, සඳ හිරු පවතිනා තුරු විරාජමානව පවතිනු ඇතැයි යන සංකල්පයෙන් පදනම්කරගනිමින් පසුව එය සඳහිරු සෑය ලෙස නම්කරනු ලැබීය.

සඳහිරු සෑයේ විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801 කි.

ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහය ඇතිව සඳහිරු සෑයේ ඉදිකිරීම් සිදු කෙරුණේ, ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණය පදනම්කරගෙනය.

May be an image of outdoors
May be an image of 2 people, flower and outdoors
May be an image of 1 person and outdoors
May be an image of 10 people, outdoors and temple

More from GossipMore posts in Gossip »