ශ්‍රී ලංකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන ළමා ලිංගික අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දියාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව පාකිස්තානය, කැනඩාව, බංග්ලාදේශය, නයිජීරියාව, ඉන්දුනීසියාව, අසර්බයිජානය, එක්සත් ජනපදය, සෞදි අරාබිය, යේමනය, ඊජිප්තුව සහ එක්සත් රාජධානිය යන රටවල සිටද මෙම අපචාර ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් ක්‍රියාත්මක බව මෙහිදී අනාවරණය වී තිබේ. සබැඳි (Link) වීඩියෝ, ඡායාරූප, සමාජ මාධ්‍ය වෙනත් අන්තර්ගතයන් ඇතුළු ක්‍රම රාශියක් ඔස්සේ මෙලෙස ළමා ලිංගික සූරාකෑම් සිදුව ඇති බව ඉන්දීය මධ්‍යම විමර්ශන ඒජන්සිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
නයන තරංග ගමගේ





