Press "Enter" to skip to content

දෙමාපියන්ට අකීකරු වූ බදුල්ලේ තරුණිය තරුණයන් 7 දෙනෙකු අතින් කෙලසෙයි

අවුරුදු 14 සිට අවුරුදු 19 දක්වා තරුණයන් 7 දෙනෙකු අතින් තමා අස්ථා රැසකදී දූෂණයට හා අතවරයට ලක්ව ඇති බව 19 හැවිරිදි තරුණියක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමේදී අනාවරණය වූ බව බදුල්ල පොලිසිය පවසනවා.

මේ අනුව එම සැකකරුවන් 7 දෙනොගෙන් තුන් දෙනෙක් අද (17) වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන් කළා.

බදුල්ල නගරයට නුදුරු ගම්මානයක පදිංචිකාරියක් වන පැමිණිලිකාරිය බොහෝ අවස්ථාවල මෙසේ දූෂණයට අතවරයට පත්ව ඇත්තේ සිය නි‍වසේදීම බව ද අනාවරණය වී තිබෙනවා.

දෙමාපියන්ට අකීකරුව මෙම තරුණිය ළමා කාලෙය් සිටම හිතුමතේ ජීවත්ව ඇති බවද අනාවරණය වී ඇති බව පෙන්වාදුන් බදුල්ල පොලිසිය මෙවැනි අපරාධ සිදු නොවීමට නම් දෙමාපියන් සහෝදර සහෝදරියන් මෙන්ම ගම්වැසියන්ද දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බව පෙන්වාදුන්නා.

More from GossipMore posts in Gossip »