Press "Enter" to skip to content

පාසල් කිහිපයකම පන්ති කාමර කිහිපයක් වසාදැමීමට පියවර

හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක් වසා දැමීමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පියවර ගෙන තිබේ.

හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසුවේ එම අධ්‍යාපන කොට්ඨාසයේ තවත් පාසලක එක් පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම එම කොට්ඨාසයේ තවත් පාසල් දෙකක සිසු සිසුවියන්ට සහ ගුරු මණ්ඩලයේ කිහිපදෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

අසංක සම්පත් මහතා පැවසුවේ සොරඟුණේ මහ විදුහලේ පළමු ශ්‍රේණිය, දහය ශ්‍රේණිය සහ එකොලහ ශ්‍රේණිය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.

එමෙන්ම අමිලගම විදුහලේ පහ ශ්‍රේණියේ සිසුවෙකුට වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම ශ්‍රේණිය ද වසා දමා ඇත.

මීට අමතරව ඉලුක්පැලැස්ස විදුහලේ තුන ශ්‍රේණියේ කොවිඩ් ආසාදිත දරුවෙකු හදුනාගෙන තිබේ.

කොවිඩ් වෛරසය ආසාදනය වූ දරුවන් පාසල් වලින් මතුවීමට පටන් ගෙන තිබුණ ද දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩා නො වැටෙන අයුරින් මේ මොහොතේ පවතින කොවිඩ් අවදානම පාලනය කිරීම සදහා උපරිම උත්සාහ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා වැඩිදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »