Press "Enter" to skip to content

අවුරුදු 22ක තරුණියකගේ මළ සිරුරක් මුහුදු වෙරලෙන් හමු වෙයි

මන්නාරමේ කෝන්තෙයිපිට්ටි මුහුදු වෙරළේ තිබී හමු වූ ඇගලූම් කම්හල් සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ  පෙම්වතා අත්අඩංගුවට ගැනීමට මන්නාරම පොලිසිය 15 දා මෙහෙයුමක් දියත් කොට තිබේ.

යාපනයේ පදිංචි වයස අවුරුදු 22 ක් වූ කීර්තිකා නැමති තරුණිය මන්නාරමේ ඇගලූම් කම්හලක සේවය කරමින් සිටියදී ඇගේ  මළ සිරුර මුහුදු වෙරළේ තිබී හමු වී තිබේ. පසුව පොලිසිය මේ පිළිබඳව කළ විමර්ශනයකදී සී.සී.ටී.වී. කැමරා දර්ශන හමු වීමෙන් පසුව හෙළි වී ඇත්තේ තරුණිය අතුරුදහන් වීමට පෙර තරුණයෙකුගේ  අතේ එල්ලී යාපනය බස් නැවතුම් පොළෙන් පිටව ගොස් ඇති බවයි. එම තරුණයා මියගිය තරුණියගේ පෙම්වතා බවට සැක කරන පොලිසිය අදාළ තරුණියගේ මරණය සම්බන්ධයෙන් තරුණයා තොරතුරු දන්නා බවටද පොලිසිය සැක කරයි.සියදිවි හානි කර ගැනීමකට වඩා මෙම මරණය ඝාතනයක් විය හැකි නිසා මියගිය තරුණියගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම රෝහල වෙත බාර දී තිබේ. මන්නාරම පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ