Press "Enter" to skip to content

18 හැවිරිදි තරුණියක් දැරියක් පැහැරගෙන ගොස් මාස තුනක් තිස්සේ අපයෝජනය කරලා

පිරිමියෙකු සේ වෙස් වලාගෙන බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් මාස තුනක් තිස්සේ අපයෝජනයට ලක් කළ බව කියන 18 හැවිරිදි තරුණියක් මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා පසුගිය 13වනදා නියෝග කළේය.

එසේම අපයෝජනයට ලක්වූ 17 හැවිරිදි දැරිය වේරගල වත්ත ළමා නිවාසයේ රඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.


 
ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම දැරිය තවත් තරුණියක් විසින් පැහැරගෙන ගොස් තිබෙන බවට ගලේවෙල පොලීසියට පැමිණිල්ලක් ලැබුණු බව ගලේවෙල පොලීසිය පවසයි.

අදාළ දැරියගේ මව විසින් ගලේවෙල පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව ගලේවෙල පොලීසිය දැරියගේ අතුරුදන් වීම පිළිබඳ විවිධ පරීක්ෂණ ආරම්භ කොට තිබුණු බවත් පසුව දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම තරුණියන් දෙදෙනා මාතර ප්‍රදේශයේ මුහුදු වෙරළක රැඳී සිටියදී පසුගියදා මාතර පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණු බව ගලේවෙල පොලීසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා ගලේවෙල පොලීසියට භාර කිරීමෙන් පසු ප්‍රකාශ සටහන් කරගෙන දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගාරගත කළ බව ගලේවෙල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර සේනාධීර මහතා කියා සිටියේය.

මෙම බාලවයස්කාර දැරිය රවටා දිවයිනේ ප්‍රදේශ ගණනාවක මාස තුනක පමණ කාලයක් රඳවාගෙන සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ගන්වෙල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ගලේවෙල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »