Press "Enter" to skip to content

ඇඹිලිපිටියේ පාසල් සිසුවියක් පැහැර ගනී

සිසුවියක් අපයෝජනයට රැගෙන ගිය තිදෙනෙක් අල්ලයි

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) දහවල් ඇය පාසලින් පිටතට පැමිණි අවස්ථාවේ පුද්ගලයින් 03 දෙනෙකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන පලාගොස් ගොස් ඇති අතර පසුව සෙවනගල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එහි උඩු මහලේදි පුද්ගලයෙකු ඇය අපයොජනය කිරීමට උත්සාහ කර ඇති බවත් සිසුවිය සිදු කරන ලද පහරදීම් හේතුවෙන් එය අසාර්ථක වී තිබෙන බව පොලිසිය පවසයි.

පසුව එම ස්ථානයෙන් පලාගිය දැරියට නිවස වෙත යාම සඳහා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු උදව් කර ඇතැයි ද පොලීසිය පැවසී ය.

දැනට දැරිය රෝහල්ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන යන බව පොලීසිය සඳහන් කළේ ය.

More from GossipMore posts in Gossip »