Press "Enter" to skip to content

විශ‍්‍රාමිකයින්ගෙන් අග්‍රහාර රක්ෂණ මුදල් කපා ගැනීම අත්හිටුවයි

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයින්ගේ වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර තිබු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇත.
ඒ සඳහා අද නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දැනට මතු වී ඇති විවිධ විරෝධතා සලකා බලා අදාළ සියලු පාර්ශවයන් සමග නැවත සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා තෙක් මෙම චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත.

2016 ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මුදල් අයකරගැනීමට යෝජනා කර තිබූ අතර එහි දැක්වුණේ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රු.600ක මුදලකුත්, වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රුපියල් 400ක මුදලකුත් මෙම රක්ෂණාවරණය සඳහා අයකරගන්නා බවය.

More from GossipMore posts in Gossip »