Press "Enter" to skip to content

කොළඹ දැරියන් 3ක් ආගිය අතක් නෑ! තාත්තා පොලිසි යයි!

කොළඹ 12 පදිංචි බාල වයස්කාර දැරියන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ඔවුන්ගේ පියා  ඊයෙ (08) පැමිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.

රීවිල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ ත්‍ නිවසෙන් පිටව ගොස් ඇති මෙම දරුවන් තිදෙනා මේ වනතෙක් නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ඥාති සහෝදරියක වන අතර ඔවුන් තිදෙනා වයස අවුරුදු 13 – 15ත් වයස් වල පසුවන බව වාර්තා වේ .

මෙම දරුවන් තිදෙනා ඊයේ (08) පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටියේ ගැවසී ඇති බවට ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් පැහැදිලි වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත .

source – mawratanews.lk

More from GossipMore posts in Gossip »