පසු ගිය දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර දක්නට ලැබුණු, කතාබහට ලක්වුනු මාතෘකාවක් තමයි තරුණ වියේ පසුවන කඩවසම්, රූමත් තරුණ, තරුණියන් කිහිප දෙනෙක්ම තම ගිහි දිවිය අත්හැර පැවිදි දිවියට ඇතුළත් වීම පිළිබඳව.
ඒ අතර බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ භික්ෂුන් වහන්සේ නමක් තමයි “ඔස්ට්‍රේලියාවේ බෝධි ධම්ම ස්වාමින් වහන්සේ” කියන්නේ.
පැවිදි දිවියට ඇතුළත් වීමට පෙර ශ්‍රී ලංකාවේ පිලියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ උපත ලබා ඇති ඔහු රුචිර චානක නම් වන අතර ඔහුට වයස අවුරුදු 5ක් සම්පූර්ණ වනවාත් සමග 1997 වර්ෂයේ ඔහුගේ දෙමව්පියන් ඔහුවද රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචියට ගොස් ඇති අතර,
තරුණ වියේදී ඔහු සියල්ලන් ප්‍රතික්ෂේප කරන මත්ද්‍රව්‍ය සඳහාද ඇබ්බැහි වී සිට ඇති අතර එහිදී ඔහු ඉතාලි සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු සුරූපී තරුණියක සමඟ පෙමින් වෙලෙන අතර ඉන්පසු ඔවුන් එක්ව දිවිගෙවීමට ද යොමුව තිබෙනවා.

වසර පහක් පමණ එලෙස දිවි ගෙවන ඔවුන් දෙදෙනා දරුවන් දෙදෙනකුගේ දෙමව්පියන්ද වීමේ වාසනාව ද උදා කර ගනු ලබනවා.
ඉන්පසු මේ ගෙවන දිවිය වෙනස් කිරීමට තීරණය කර ඇති ඔහු සිය ආදරණීය බිරිඳගේ කැමැත්තත් සහිතව වසර 21 කට පසු 2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ 2019 අගෝස්තු මස “ඔස්ට්‍රේලියාවේ බෝධි ධම්ම ස්වාමින් වහන්සේ” නමින් පැවිදි දිවියට ඇතුළත් වනු ලබනවා.
“මෙල්බන් හාමුදුරුවෝ” නමින් සමාජ මාධ්‍යන් තුල බොහෝ ප්‍රචලිත උන්වහන්සේ වඩාත් ජනප්‍රිය වන්නේ ගිහි අවධියේ කළ tattoo විලාසිතාවන් සහිතව මහණ දම් පුරන ස්වාමීන් වහන්සේ නමක් වීම නිසයි






