Press "Enter" to skip to content

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

ඉදිරි පැය 24 තුළදී ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපක් ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (08) සවස් කාලයේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක ප්‍රජාව ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙසට දැනුම් දෙන බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

More from GossipMore posts in Gossip »