Press "Enter" to skip to content

මහජන මුදලින් පාසිකුඩා වැල්ලේ FUN ගත් ඇමති වීඩියෝවක් ලීක් වෙයි (VIDEO)

මෙරට ජනතාවගේ බදු මුදලින් රුපියල් ලක්ෂ ගණනක් වැය කර මැති ඇමතිවරුන් වෙනුවෙන් ගෙන්වූ සුඛෝපභෝගී වාහන භාවිත කරමින් පිරිසක් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට සමාජ ජාලා උණුසුම් කරමින් පැතිර යනවා.

(වීඩියෝව මෙම සටහන අවසානයේ)

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙකුට අයත් වාහනයක් මුහුදු වෙරළක ධාවනය කරමින් විනෝදවන ආකාරය යි.

මෙම වීඩියෝව ප්‍රථමයෙන්ම TikTok සමාජ ජාලය තුළට නිකුත් වී ඇති අතර පසුව අදාළ වීඩියෝව Twitter ඔස්සේ පළ කිරීමට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් මහතා කටයුතු කර තිබුණා.

“බදු ගෙවන ජනතාවගේ වාහන සහ ඉන්ධන භාවිතා කරමින් රාජ්‍ය අමාත්‍යවරුන් පිරිවර මුහුදු වෙරළේ විනෝද වෙති” යනුවෙන් රාසමාණික්‍යයන් මහතා එහි සටහනක් ද තබා තිබෙනවා.

මේ අතර පුවත් වාර්තා පෙන්වා දෙන්නේ අදාළ වීඩියෝවෙහි දැක්වෙන “WP C 20-2801” දරණ සුඛෝපභෝගී රථය රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ට හාරදුන් ජීප් රථයක් බව යි.

එමෙන්ම මෙම වීඩියෝව පාසිකුඩා වෙරළ තීරයේ දී පටිගත කරන ලද්දක් බව ද පැවසෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ වීඩියෝව රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා විසින් TikTok සමාජ ජාලයට මුදා හරිනලද්දක් බවට යි.

source – am.lk