වසර දහයක් පුරාවට ආදරය කළ තම ඥාති සොහොයුරිය මගහැරී යැයි සිත් තැවුලෙන සිටි පුද්ගලයෙකු ඇගේ නිවස ඉදිරිපිට මාර්ගයට ගොස් සිරුරට ගිනි තබා ගෙන දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ බව වාද්දූව පොලීසිය පවසයි.
එලෙස රෝහල් ගතකර තිබෙන්නේ පානදුර හිරණ පන්සල පාරේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
වාද්දුව ප්රදේශයේ පදිංචිව සිටින විවාහක මෙම පුද්ගලයා වසර දහයක සිට අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.
අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සමීප ඥාති සොයුරිය අනියම් සබඳතාවය මාස පහක පමණ ඉහත දී නවතා දමා ඇතැයි පොලිසිය කියයි.
මෙයින් දැඩි සිත්තැවුලට පත් පුද්ගලයා ඊයේ රාත්රීයේ පෙට්රල් පිරවූ බෝතලයක් සහ ගිනි පෙට්ටියක් රැගෙන ඥාති සොයුරියගේ නිවස අසල මාර්ගයට ගොස් ශරීරයට හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය කියයි.






