ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියට ප්‍රථම, ලෝක කුසලානය දිනාගැනීමට වැඩිම ඉඩකඩක් සහිත කණ්ඩායමක් ලෙස ඉන්දියාව හැදින්වුවා. කෙසේ වෙතත් A කාණ්ඩයට වඩා තරඟකාරීත්වය ඉතා අඩු B කාණ්ඩයෙන් වුවද අවසන් පූර්ව වටවලට එක්වීමට ඉන්දීයාවට දැන් ඇති අවස්ථාව ඉතා පටුයි. ඒ ඔවුන් සහභාගී වූ පාකිස්ථානය හා නවසීලන්තයට එරෙහි තරඟ දෙකම පරාජය වූ නිසයි.
ඉන්දියාවේ පරාජය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා වර්ථමාන මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
“ඉන්දියාවට පෙර පුහුණු තරඟ දෙකක් ලැබුණා. ඔවුන් තරඟ ජයග්‍රහණය කල හැකි කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වුණත් ඉදිරිපෙල පිතිකරුවන් දිගින් දිගටම වෙනස් කලා. ඉන්පසු ප්‍රධාන තරඟාවලියට පැමිණියාම ඒක අපහසු දෙයක් බවට පත්වුණා. ඉන්දියාව පිතිකරණයෙන් තම ආධිපත්‍යය පැතිරුවත් මෙවර ඔවුන්ව පහලට ඇද දැම්මේද පිතිකරණයයි.”
එමෙන්ම මහේල ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම, අවසන් කාලයේ තරඟ ක්‍රීඩා නොකිරීම ගැනත් අදහස් දක්වා තිබුණා. IPL තරඟාවලිය නිසා ඔවුන්ගේ ජාතික සංචිතය ලෝක මට්ටමේ අනෙකුත් කණ්ඩායම් හා මුණගැසුනේ නැහැ. මෙහි බලපෑම ඔවුන් විසින් T20 ලෝක කුසලානයේදී පෙන්නුම් කල බව මහේලගේ අදහසයි.
කෙසේ වෙතත් තවමත් අවසන් පූර්ව වටවලට යෑමේ අවස්ථාව සම්පූර්ණයෙන් ඉන්දියාවට අහිමිව ගොස් නැහැ. ඔවුන්ට ඉදිරි වටයට යැමටනම් ඉදිරි තරඟ තුන ජයග්‍රහණය කිරීම මෙන්ම ඇෆ්ගනිස්තානය හමුවේ නවසීලන්තය පරාජය වීමත් සිදුවිය යුතුයි.