Press "Enter" to skip to content

පෙම්වතාට දුරකථන ඇමතුම් අරන් දෙන හිලව්වට 84 හැවිරිදි සීයා බාලවයස්කාර දැරියව කෙළෙසයි

අසූහතර හැවිරිදි සීයාගෙන් හා 18 හැවිරිදි පෙම්වතාගෙන් අතවරයට පත් 15 හැවිරිදි දැරියක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

මේ වන විටත් මොවුන් දෙදෙනාගෙන් අයකු වන 18 හැවිරිදි පෙම්වතා නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන 11 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත‍්‍රාත් නිලන්ත විමලවීර මහතා නියෝග කරන කළේය. මොවුන් දෙදෙනාගේ පේ‍්‍රම සම්බන්ධයට 84 හැවිරිදි සීයා උදව් කර ඇති අතර දැරියට සිය පෙම්වතාට කතා කිරීමට අවශ්‍ය වෙලාවට සීයාගේ නිවසට ගොස් සීයාගේ ජංගම දුරකථනය රැගෙන ඔහුට කතාකර තිබේ.

,නමුත් මෙම සීයා ජංගම දුරකථනය ඇයට දෙන සෑම අවස්ථාවකම එයට හිලව් වන සේ දැරියට එම නිවස තුළදී අතවර කිරීම පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මෙම 15 හැවිරිදි දැරියගේ පියා නොමැති අතර මව භාරයේ සිටියදී මෙම අතවරය සිදුවී තිබේ. ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශි‍්‍රයන්ත පීරිස්, සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ, නාවලපිටිය පොලිස් ස්ථානාධිපති හරේන්ද්‍ර කලිගම්පිටිය යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පො. පරීක්‍ෂක ඉන්දික ලලිත්, ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කාන්තා පො. පරීක්‍ෂක ලෂනි, පො. සැ. (6041* දිල්රුෂි යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

ගම්පොල – සුරංග දිල්හාන්

More from GossipMore posts in Gossip »