තිස්සමහරාම ප‍්‍රදේශයේ පාසල් දෙකක දරුවන් පස් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පාසල්වල පන්ති කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණී මහතා පැවැසුවේය.
තිස්සමහරාම දෙබරවැව ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයෙහි දරුවන් තිදෙනෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය විම හේතුවෙන් එම පාසලෙහි පන්ති දෙකක් හා තිස්සමහරාම ඇල්ලගල ප‍්‍රාථමික විද්‍යාලයෙහි දරුවන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර එම පාසලේ පන්ති දෙකක් මෙසේ වසා දැමීමට පියවර ගෙන තිබේ. වෛරසය ශරීර ගතවූ දරුවන් හ`දුනා ගැනීම සඳහා මේ වන විට එම පාසලෙහි දරුවන්ගේ ප’’. සී. ආර් පරික්ෂණ පැවැත් වෙමින් පවතින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි
Published in Health
More from HealthMore posts in Health »