මෙරට සිදුවු කොවිඩ් මරණ ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයකින් එන්නත් දෙකම ලබාගත් 700කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණය වී තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ, නේවාසික ශ්වසන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආශා සමරණායක මහත්මිය සඳහන් කර සිටියේ, එම සමීක්ෂණය සැප්තැම්බර් මාසය දක්වා මෙරට සිදුවු සමස්ත කොවිඩ් මරණ ආශ්රයෙන් සිදුකළ බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,
“11”699ක් මරණ සමීක්ෂණය කරලා තිබුණා සැප්තැම්බර් මාසයේ මැද. එයින් 714ක් ම එන්නත් දෙකම ලබාගත් අය. ප්‍රතිශතයක් විදියට 6.01%ක්. ඇයි මෙහෙම වෙන්නේ ඒ අයට, අධි අවදානම් ප්‍රශ්න තිබුණා. බෝ නොවන රෝග තියෙන අය එන්නත් ගත්තත් සමහර විට අමාරු වෙලා හිටියා.”
Published in Health
More from HealthMore posts in Health »