Press "Enter" to skip to content

ට්‍රැවලින් බෑග් එකකින් තරුණියකගේ මළසිරුරක් මතුවෙයි!

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ දමාගොස් තිබූ ට්‍රැවලින් බෑගයක තිබී කාන්තා සිරුරක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ මරණයට පත්වී ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවය. 

මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා,  

“සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ මාර්ගය අසල කැලි කසල ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක් තුළ දමා ගොස් තිබු කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. එම ස්ථානයේ මේ වන විට කැලණිය කොට්ඨාස, අපරාධ ස්ථාන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබනවා. කාන්තාව කවුද යන්න අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.”

More from GossipMore posts in Gossip »