Press "Enter" to skip to content

දුප්පත්කම නිසාම තාත්තා 9 හැවිරිදි දුව 55 හැවිරිදි පුද්ගලයකුට කසාද බඳින්න විකුණලා

තම පවුලේ ජීවිකාව රැකගැනීම වෙනුවෙන් 9 හැවිරිදි දියණිය 55 හැවිරිදි පුද්ගලයකුට අලෙවි කළ පියෙකුගේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වේ.

පර්වානා මලික් නමැති මේ දැරිය 55 හැවිරිදි පුද්ගලයාගේ මනාලිය විමට මෙලෙස අලෙවි කර ඇත. පර්වානාගේ පියා වන අබ්දුල්, දැරිය මිලදී ගත් පුද්ගලයාගෙන් ඉල්ලා ඇත්තේ කිසි විටක ඇයට පහර නොදෙන ලෙසය. සී. එන්. එන්. රූපවාහිනිය මෙම පුවත වාර්තාකර ඇති අතර මහලූ පුද්ගලයා දැරිය රැුගෙන යන විට ඇගේ පියා හඬා වැටෙන්නට විය.

ඇෆ්ගනිස්ථාන අර්බුදය නිසා එරට වැසියන් හිඟාකන තත්ත්වයට පත්ව තිබේ. මීට පෙර දස හැවිරිදි දැරියක් 70 හැවිරිදි පුද්ගලයකුට අලෙවි කළ පුවතක් ද වාර්තා විය.

චතුර පමුණුව

More from GossipMore posts in Gossip »