ළමා ලිංගික අපයෝජන වැරදි 18 ක් සහ දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රාථමික පාසල් ගුරුවරියක් අධිකරණයට ඉදිරිපත් වූ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.
හින්ඩ්ලි හි ඇන්ක්රොෆ්ට් ඩ්‍රයිව් හි 44 හැවිරිදි ජුලී මොරිස් බන්ධනාගාරයේ සිට වීඩියෝ සබැඳියක් ඔස්සේ ලිවර්පූල් ක්‍රවුන් උසාවියේ පෙනී සිටි හඩාවැටී කරුණු දක්වා තිබෙනවා.
ඇය විගන් හි ප්‍රාථමික පාසලක සේවය කළ නමුත් මෙම ලිංගික අපයෝජන චෝදනා ඇගේ රැකියාවට සම්බන්ධ නොමැති බවයි පැවසෙන්නේ.






