Press "Enter" to skip to content

බෝගම්බර ලොකු දොස්තර ස්ත්‍රී රැදවියන් එක්ක හොරෙන් කරපු දේ මාට්ටු

වෛද්‍ය ප්‍රතිකාර ගන්න ආ සැකකාරියින්ට නිල කාමරේ දී තහනම් ද්‍රව්‍ය දීලා

බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා ප්‍රථිකාර ලබා ගැනිම සදහා පැමිණෙන කාන්තා අංශයේ රැදවියන් හට ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග ලබා දී වෛද්‍ය නිළධාරීයාගේ නමට මුදල් බැර කර ගන්නා ලද රිසිට් පතක් හා ලද තොරතුරු මත අද(29) දින බන්ධනාගාර අධිකාරීවරයා විසින් නිළධාරින් කණ්ඩායමක් යොදවා රහසිගත විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

ඒ් අනුව ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා සිටින බන්ධනාගාර රෝහලේ නිළ කාමරය තුළදී වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි සැකකාරීයකට ජංගම දුරකථන ආරෝපණයක් හා ජංගම දුරකථන බැටරි දෙකක් ලබා දීමට උත්සහ දැරූ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වු බන්ධනාගාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩිදුර ප්‍රශ්ණ කිරිම සදහා බන්ධනාගාර අධිකාරීවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ මීට පෙර අවස්ථාවල ජංගම දුරකථන කාන්තා රැදවියන්ට මුදලට විකිණු බවට වෛද්‍යවරයා පිළිගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වෙත දැනුම්දී ඇති අතර, සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු යොදවා මුලික විමර්ෂණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

More from GossipMore posts in Gossip »