ඉතාලියේ වෙරෝනා ප්‍රාන්තයේ පෝර්ටෝ සැන් පැන්ක්රේසියෝ ප්‍රදේශයේ පිහිටි නගර සභාව යටතේ පාලනය වන ආරක්ෂිත නිවස්නයක දී ඝාතනය කර තිබූ දැරියන් දෙදෙනාගේ මව වන ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇතැයි එරට වාර්තා පවසයි.
වෙරෝනාහි ලාසරෙටෝ ප්‍රදේශයේ පැරණි වේල්ල අසල තිබී මළ සිරුර හමුවී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ආඬිගේ සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර මහවඩුගේ නමැති 34 හැවිරිදි කාන්තාවකි.
ඊයේ පස්වරුවේ එම කාන්තාවගේ ජංගම දුරකථනය සහ පුද්ගලික බඩු බාහිරාදිය ගං ඉවුරේ තිබී සොයා ගන්නා ලදී.
ජංගම දුරකථනය ඇගේ පසුම්බියේ තිබී ඇත.
දැරියන්ගේ මරණ පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔවුන් හුස්ම හිරවීමෙන්, සමහර විට කොට්ටයකින් මුව සිරකර මරා දමා ඇති බවයි.
විෂ විද්‍යාත්මක පරීක්ෂණ වැනි වෙනත් වෛද්‍ය හා නෛතික පරීක්ෂණ සිදු කරනු ඇති බව ද එරට වාර්තා පැවසීය.
නමුත් අභිචෝදක ෆෙඩරිකා ඔර්මන්නි භූමදානය සඳහා අවසරය ලබා දෙනු ඇත. දැරියන්ගේ ඝාතනය පිළිබඳ මිනීමැරුම් ගොනුව විවෘත වනු ඇති බව ද එරට වාර්තා සඳහන් කළේය.
තම දරුවන් දෙදෙනාට උණ වැළඳී ඇති බවත් ඔවුන්ට බෙහෙත් ටිකක් දී නිදාගන්නට සලස්වා ඇති බවත් තමා ඔවුන්ව එදින පාසල් යවන්නේ නැති බවත් මව විසින් අවසාන වරට ආරක්ෂිත නිවස්නයේ සිටි සමාජ සේවකයකුට පවසා තිබේ.වෙරෝනා නගරාධිපති ෆෙඩරිකෝ ස්බෝරිනා මේ පිළිබඳ මෙසේ සඳහන් කර ඇත.
“දියණියන් දෙදෙනා අසනීප වී ඇති බවත්, ඉන්ෆ්ලුවෙන්සා බෙහෙත් ඉල්ලා සිටි බවත් එහි සේවය කරන කාන්තාව වාර්තා කළාය. ටික වේලාවකට පසු එම කාන්තාව කාමරය තුළට ගොස් ඇඳේ නිදා සිටින බවක් පෙනෙන්නට තිබූ ගැහැණු ළමයින් දුටු නමුත් නාන කාමරයේ ආලෝකය දැල්වෙනු දැක තිබෙනවා. මේ නිසාම අම්මා බාත්රූම් එකේ ඉන්නවා කියලා හිතාගෙන ඇය කාමරෙන් එලියට ගියා. විනාඩි දහයකට පමණ පසු ඇය නැවත කාමරයට ගොස්, නාන කාමරයට ඇතුළු වූ අතර කිසිවෙකු නොමැති බව තේරුම් ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ඇය මෙම ඛේදජනක සොයාගැනීම සිදු කර තිබෙනවා. ගැහැණු ළමයින් දෙදෙනා පරීක්ෂා කළ ඇයට දක්නට ලැබී ඇත්තේ ඔවුන් ඒ වන විටත් මියගොස් සිටි බවයි ”
“නානකාමරයේ ජනේලය විවෘතව තිබූ අතර ඒ නිසා මව එතැනින් ඉවත්ව ගොස් ඇත,” ස්බෝරිනා නමැති එම කාන්තාව නිගමනය කර ඇත.
ඇගේ සැමියා සමඟ ඇති සම්බන්ධය සහ කාන්තාව සහ දියණියන් පවුලෙන් නෙරපා හැරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන්, එම පුද්ගලයාට අයුතු ලෙස සැලකූ බව කියන පැමිණිලි මෑතකදී ගොනු කර ඇති බව දැනගන්නට ලැබුණු බව නගරාධිපතිවරයා හෙළිකර තිබේ.
ඝාතනයට ලක්වූ අවුරුදු 3 හා 11 හැවිරිදි සබඳි හා සඳනිගේ පියා සේම සචිත්‍රාගේ සැමියා ද වන 38 හැවිරිදි රුවන් කිරිවැල්ලගේ පවසන්නේ බිරිඳ විසින් තමාට එල්ල කළ සාක්ෂි නොමැති චෝදනා හේතුවෙන් ඔවුන් වෙන්ව විසූ අතර දරුවන් බැලීමටවත් ඇය ඉඩ නොදුන් බවයි.
එරට වාර්තා පවසන පරිදි බිරිද විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බාලවයස්කාර උසාවිය විසින් පියාගෙන් දරුවන් දෙදෙනා වෙන්කිරීමට නියෝග කර ඇත.
සචිත්‍රා දරුවන් දෙදෙනා සමග ආරක්ෂිත නිවස්නයේ වාසය කර ඇත්තේ ඒ අනුවයි.
“මගේ බිරිඳ කවදත් හොඳ අම්මා කෙනෙක්. නමුත් සත්‍යය නම් ඇයට මානසික ගැටළු ඇති බවයි, ඒ නිසා සමාජ සේවකයින් මනෝ විද්‍යාඥයකු හමුවන ලෙස මම යෝජනා කළා” සචිත්‍රාගේ සැමියා පවසයි. ඔවුන් තිදෙනාගේ මරණය තමාට කම්පනයක් බවත් එය සිදුවී ඇත්තේ කෙසේදැයි තමට දැනගැනීමට අවශ්‍ය බවත් ඔහු පවසයි.
යොවුන් වියේ සිටම රුවන් ඉතාලියේ වාසය කරමින් එරට කර්මාන්තශාලාවක සේවය කරමින් සිටී.
ඔහුගේ පවුලේ අයද එහි වාසය කරන අතර සිය බිරිඳ නිතර දරුවන් සැමියාගේ පවුල අත්කරගනී යැයි බියෙන් පසුවූ බව ද පවසා තිබේ. එම කරුණු සචිත්‍රා සහ රුවන් හඳුනන අසල්වැසියකු ද පවසා ඇතැයි එරට වාර්තා කියයි.
ශ්‍රී ලංකාවේ ධීවර ගම්මානයකින් ඉතාලියට පැමිණි සචිත්‍රා අවස්ථා කිහිපයකදීම ‘මගේ දියණියන් දෙදෙනා මගේ සැමියාට දෙනවාට වඩා, මම ඔවුන්ව මරා දමා මාත් මැරෙනවා.’ යනුවෙන් ඇයට සමීප පුද්ගලයින්ට ඇය නැවත නැවතත් පවසා ඇත.
දෙමාපියන්ගේ හැකියාව තහවුරු කර ගැනීම සඳහා ඇයව ‘පරීක්ෂා කළ’ වෛද්‍යවරුන් සමඟ සම්මුඛ සාකච්ඡා අවසානයේ පවා කාන්තාව අවස්ථා කිහිපයකදී එය පුනරුච්චාරණය කළ වාක්‍ය ඛණ්ඩයක් බව වෛද්‍යවරුන් පවසා තිබේ.






