Press "Enter" to skip to content

ඉතාලියේදී දියණියන් දෙදෙනා ඝාතනය කළ ලාංකික මවගේ සිරුර ගංඟාවකින් හමුවෙයි

සිය තුන් හැවිරිදි සහ එකොළොස් හැවිරිදි දියණියන් දෙදෙනා ඝාතනය කර පලා ගිය මවගේ සිරුර ඉතාලියේ වෙරෝනා හි අඩිගේ ගඟෙන් සොයාගත් බව වෙරෝනා පොලීසිය සඳහන් කරනවා.

පසුගිය අඟහරුවාදා වෙරෝනා නගරයෙන් පිටත එරට රජයේ සමාජ සේවා ආයතනයක් මගින් පවත්වාගෙන යනු ලබන ගෘහාශ්‍රිත ප්‍රචණ්ඩත්වයට එරෙහි නවාතැනක තිබී ඇගේ තුන් හැවිරිදි සහ 11 හැවිරිදි දියණියන් දෙදෙනාගේ මළ සිරුරු හමු වුනා.

මෙම දරුවන් ඝාතනය කළ බවට සැක කෙරුණු ඔවුන්ගේ මවගේ බවට සැක කෙරෙන සිරුර බදාදා සවස 3.00 ට පමණ වෙරෝනා අඩිගේ ගඟෙන් සොයා ගත්තා.

මළ සිරුර සොයා ගත් ස්ථානයේ සිට මීටර් 300ක් පමණ දුරකින් ඇගේ අත් බෑගය සහ ජංගම දුරකථනය ගං ඉවුරේ තිබී හමු වී තිබෙනවා.

සචිත්‍රා නිනන්සලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර මහවඩුගේ නමැති මෙම 34 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව සහ දරු දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සැමියාගේ ප්‍රචණ්ඩත්වයෙන් ඈත් කර තැබීම සඳහා එරට සමාජ සේවා අධිකාරිය විසින් මෙම පෝර්ටෝ සැන් පැන්ක්‍රාසියෝ රැඳවුම් පොළේ ‍රඳවා තිබුනා.

ඊයේ සිදු කරන ලද මරණ පරීක්ෂණයෙන් හෙලි වූයේ මෙම ගැහැණු දරුවන් දෙදෙනා බොහෝ විට කොට්ටයක් භාවිත කර “ප්‍රචණ්ඩකාරී ලෙස හුස්ම හිර කර” ඝාතනය කර ඇති බව සොයා ගැනුනා

More from GossipMore posts in Gossip »