වයස අවුරුදු දාහතරක් වූ බාලවයස්කාර දැරියක් වසර තුනක් තිස්සේ බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන දැරියගේ මවගේ අනියම් සැමියා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් පිරිස අතර යුධ හමුදාවේ සේවය කරන දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතාද වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ උඩවලව, රාජගිරිය, බණ්ඩාරනායකපුර සහ මහියංගනයේ පදිංචිකරුවන් සිව් දෙනෙකි.
අදාළ දැරිය මව සහ සහෝදර සහෝදරියන් කිහිපදෙනකු සමඟ පදිංචිව සිටින අතර පියා මියයෑමෙන් පසු 2018 වසරේ සිට දැරියගේ මව අනියම් ඇසුරක් පවත්වා පුද්ගලයෙකු නිවසේ වාසයට පැමිණ තිබේ.
ටික කලක් නිවසේ කල් ගත කළ 64 හැවිරිදි එම පුද්ගලයා සූක්ෂමව දැරියගේ සිත් දිනා ගනිමින් දැරියව රවටා ඇය විවිධ ලිංගික ක්රියාකාරකම්වලට පොළඹවාගෙන තිබූ බව සඳහන් වෙයි.
පසුව ඔහු දැරියට ජංගම දුරකථනයක්ද ලබාදී රවටා 2018 වසරේදී ඇය බරපතළ ලිංගික අපයෝජනයනට ලක්කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
අනතුරුව එම පුද්ගලයා විසින් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්රදේශයේ පදිංචි ඔහුගේ මිතුරෙකුටද, දැරියව අපයෝජනය කිරීමට අවස්ථාව ලබාදී ඇත.
මේ අතරතුර නිවසට එමින් යමින් සිටි යුද හමුදාවේ සේවය කරන දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතාද දැරියව අපයෝජනයට ලක් කිරීමට පටන්ගෙන තිබේ.
මේ සම්බන්ධව දැරිය මීට දින කිහිපයකට පෙර මිතුරෙකුට පවසා ඇති අතර ඒ පිළිබඳව ඔහු පොලිසිය දැනුවත් කිරීමත් සමඟ ක්රියාත්මකවූ පොලිසිය දැරියගෙන් සහ මවගෙන් ප්රකාශ ලබාගෙන තිබුණි.
ඒ අනුව ලද තොරතුරු මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මේ අතර සිටි එක් පුද්ගලයෙකු යුධ හමුදා සෙබළෙකු වන අතර ඔහු දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතා බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය






