Press "Enter" to skip to content

මළගෙදරකින් කොවිඩ් පොකුරක්

මිනුවන්ගොඩ මළගෙදරක ගිය 35කට කොවිඩ්

මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයෙකුගේ අවසන් කටයුතු වලට සහභාගී වූ 35දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම මංගල්‍ය ඉකුත් 10 වනදා පැවති අතර ඊට සතියකට පමණ පසුව පවුලේ සාමාජිකයන් තිදෙනකුට හා අවමංල්‍යයට සහභාගී වූ කීපදෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

මෙම අවමංගල්‍යයට සහභාගී වූ පවුලේ ඥාති සාමාජිතයින් කීපදෙනෙකුට කලින් සිටම සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව සහ උණ රෝග ලක්ෂණ තිබූ බවත් මියගිය සෞඛ්‍ය අංශ සේවකයාගේ අවමගුලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

More from GossipMore posts in Gossip »