Press "Enter" to skip to content

ආදරය වෙනුවෙන් කුමරිය කිරුළ අත්හරී

ජපානයේ මාකෝ කුමරිය ඇගේ විද්‍යාල පෙම්වතා කෙයි කොමුරෝ සමඟ විවාහ ගිවිස ගත්තාය.

කෙයි කොමුරෝ සාමාන්‍ය ජපන් පුරවැසියෙකි. ජපන් රජ පවුලේ නීතියට අනුව, රජ කුමරියක සාමාන්‍ය පුරවැසියකු සමඟ විවාහ වන්නේ නම්, ඇයට රාජකීයයත්වය අහිමි වෙයි. ඒ අනුව, මාකෝ කුමරියට ඇගේ රාජකීයයත්වය අහිමි විය. මෙම නීතිය ජපානයේ කුමාරයන්ට අදාල වන්නේ නැත.

විවාහයත් සමඟ රජ පවුලෙන් නික්මී යද්දී, රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේ කැමැත්ත අනුව කුමරියට රාජකීය මංගල උත්සවයක් සදහාත් කිසියම් සැලකිය යුතු මුදලකුත් ලබා දීම සිදුවෙයි. කෙසේ නමුත් මාකෝ කුමරිය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා

(රොයිටර්)

More from GossipMore posts in Gossip »