පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය පිළිබඳ සලකා බැලීමට කාලය එළැඹි ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු ඉතා සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින නිසා ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යාම රජයේ මීළඟ පියවර බව ද පෙන්වා දුන් ඒ මහතා එම කාරණය සඳහා මෙම පහසුකම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමට ජනාධිපති මන්දිරයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ ද ඒ ගැන අවසන් තීරණයක් මෙතෙක් නොගෙන ඇති බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමේ තීරණය රට තුළ උද්ගතව තිබූ තත්වය සැලකිල්ලට ගෙන අවලංගු කරන ලෙස මන්ත්‍රීවරුන් විසින්ම ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
source – nethgossip.lk
Published in Political