Press "Enter" to skip to content

ඩුබායිහිදී ලොතරැයියක් දිනූ ලාංකිකයා කෝටි ගණනම ඉගෙනගත් පාසලට දෙයි..

ඩුබායි රාජ්‍යයේදී කෝටි ගණනක ලොතරැයියක් දිනූ ශ්‍රී ලාංකිකයා බේරුවල මරක්කල වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් මිෂ්ෆාත් මහතා ඉකුත් දා දින කීපයකට ලංකාවට පැමිණ ඇත.

ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ඔහු මිලදීගෙන තිබූ ‘බිග් ටිකට්’ නම් ලොතරැයියේ ජයග්‍රහණය කරන ලද රුපියල් කෝටි ගණනක් වන සම්පූර්ණ තෑගි මුදලම තමන් ඉපදී අධ්‍යාපන ලැබූ බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් පාසල් 5ක් සංවර්ධනය සඳහා ලබාදීමට තීරණය කර ඊට අදාළ ලියකියවිලි සහ පොරොන්දු පත්‍ර බේරුවලදී එම පාසල්වල සංවර්ධන කමිටු සමිති නිලධාරීන්ට භාර දීම සිදු කළ බව අල්හුමයිසරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඉස්ලාම් මාධ්‍යවේදී අල්හාජ් මුක්තාර් මොහොමඩ් මහතා පැවසීය .

මෙම ප්‍රදානයන් කිරීමේ අවස්ථාවට කිසිදු දේශපාලනයකට සම්බන්ධ කිසිවකුත් සම්බන්ධ කර නොගැනීම විශේෂත්වයක් බව කියයි .

ඩුබායි කෝටිපති ලොතරැයි තෑගි ලාභි මොහොමඩ් ම්ෂ්ෆාත් මහතා විවාහක දරුවන් සිටින පියකු වන බවත් ඔහු බේරුවල චීන කොටුව අල් හුමෙයිසරා ජාතික පාසලේ ආදි ශිෂ්‍යයකු ද වේ.

තමන් ඉගෙනගත් විදුහලේ ගුරු නිවාසයක් ද , බේරුවල චීන කොටුව නලිම් හජ්ජියාර් කාන්තා ජාතික පාසලට අවශ්‍ය ක්‍රීඩාපිටියක් වෙනුවෙන් ඉඩමක් මිලදී ගැනීමට ද, මග්ගොන අල් හසනියා මහා විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළු පාසල් සංවර්ධන කටයුතු වෙනුවෙන් එම මුදල් පරිත්‍යාග කිරීමට ඒ මහතා ගිවිසුම් ගත වී නැවත සිය සේවා ස්ථානය වන ඩුබායි රාජ්‍යයට පිටත්ව ගිය බව කියයි.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

More from GossipMore posts in Gossip »