Press "Enter" to skip to content

ලහිරු කුමාරට ICC න් දඩුවම්

පිතිකරු ලිටන් දාස්ටත් මුදලක දඩයක්

බංග්ලාදේශය සමඟ පැවති දෙවන වටයේ පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟයේදි වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුනා.

අනතුරුව විනිසුරුවරුන් මැදිහත්වී එම උණුසුම් තත්ත්වය සමනය කිරීමට ක්‍රියා කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වේග පන්දු ‍යවන ක්‍රීඩක ලහිරු කුමාරට සිය තරඟ ගාස්තුවෙන් 25% ක මුදලක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ලිටන් දාස් ට ද තරග ගාස්තුවෙන් 15% ක දඩයක් නියම කර තිබෙනවා.