Press "Enter" to skip to content

තරුණයකු එක්ක දැදුරුඔයේ පෙම් කෙළි හැට පහේ පෙම්වතිය පොලීසිය දැක නිරුවතින්ම පැන දුවයි

දැදුරුඔයේ දිය  නාමින් පෙම්සුව විඳිමින්  සිටි තරුණයකු  සහ වයස්ගත  කාන්තාවක පොලීසිය දැක බියවී  කාන්තාව රෙදි ටිකද රැගෙන නිරුවතින්ම  අසල කැලයට වැදි පලා යාමේ පුවතක් නිකවැරටියට ආසන්න  පෙදෙසෙනික් වාර්තා වී තිබුණා.


සිද්ධිය  මෙසේය.

මෙම පෙම්වතුන් යුවළ දියනාන මුවාවෙන් දැදුරුඔයේ අශෝභන ලෙස  සිටින  බවට ලැබුණ තොරතුරක් මත පොලීසිය එහි ගොස්  ඇත.

දුර  තියාම පොලිස් නිලධාරීන් පැමිණෙනු දුටු  වයස 65ක පමණ කාන්තාව  නිරුවතින්ම දියෙන් ගොඩ වී දැදුරුඔය ඉවුරේ තබා තිබූ තම ඇඳුම් ටිකද  රැගෙන අසල කැලයට වැදී පැනගිය බවද තිස්හතර හැවිරිදි තරුණයා යන්තමින්  රෙදි කඩක් පටලවා ගත් බවද වාර්තා වේ.


පසුව අනාවරණය වී ඇත්තේ දිය නෑමට දැදුරුඔයට පැමිණි තරුණයා සහ  කාන්තාව එදිනම  හඳුනාගෙන ඒ මොහොතේම ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක්   මත එලෙස පෙම් සුව විඳිමින් සිට ඇති බවයි.