Press "Enter" to skip to content

ප්‍රවීණ නිළි විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

සිනමා සහ ටෙලිනාට්‍ය නිළි විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) මියගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මියයන විට ඇය 64 වන වියේ පසුවිය.

1982 වසරේ සිනමා දිවියට පිවිසි විශාඛා සිරිවර්ධන මහත්මිය මෙරට උසම සිනමා නිළිය ලෙසද හඳුන්වයි.

අනුරාධා, සුරදූතියෝ, රන්දම්වැල්, සඳමඩල ආදී චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වී තිබේ.