Press "Enter" to skip to content

“පුංචි සැරයි හැබැයි අම්මා වගේම ආදරෙයි” – පුංචි කෙනෙක් වූ ශනුද්‍රි කියන කතාව


දරු සුරතල් කියන්නේ හරි පුරු දෙයක්. ඒ වගේම පුංචි අත දරුවෙකුගේ සිනහව කියන්නේ ලෝකේ තියෙන ලස්සනම දේ කියලා කියන්න පුළුවන්. ඒ සිනහව මුළු හදවතින්ම එන දෙයක්. චුටි රෝස පට අත් දෙපා හුරතල් කරමින් හිනාවෙන කිරි කටියෙක් දැක්කම මුහු හිතම නිවෙනවා. ජිවිතයේ විවාහ වන යුවලකගේ පළමු දරු උපත කියන්නේ ඉතින් මගුල් ගෙයක් වගේ දෙයක්. සාරංග සහ දින්ක්ෂිගේ පුංචි දොනිත් එලෙසින්ම තමයි මේ ලෝකෙට ආවේ. අම්මා තාත්තා ආච්චි සියාලා වගේම පුන්චිලා දෙන්නෙක්ගේ ආදරය එයාට ලැබෙනවා.

චූටි පුංචි ශනුද්‍රි කියන්නේ ඉතාමත් සුන්දර ආදරණිය රංගන ශිල්පිනියක්. ඉතින් ලොකු අක්කගේ පුංචි හුරතලිය ගෙදර එනකන් ෂනු හරි ආසාවෙන් තමයි බලාගෙන ඉදියේ. ඒත් රටේ තියෙන තත්වය එක්ක එයා චුටියා බලන්න යන එක තරමක් ප්‍රමාද කරලා තිබුනේ. මෙගා ස්ටාර් තරගාවලියෙන් පස්සේ තරමක් කාර්යබහුල බවින් මිදුණු ඇය අක්කා සුරංගනා ලෝකෙන් ගෙනාපු චූටි සුරංගනාවිය බලන්න ගිහින් තිබුනා.

ඒ ගිහිලා පුංචි දෝනි තුරුළු කරගෙන ඉන්න ආදරණිය චයාරූපයක් සමාජ මාධ්‍යට එක්කර තිබුනේ.චූටි පුංචියි චුටික්කියි කියලා. කතාවක් තියෙනවනේ අම්මා කෙනෙක් නොවී අම්මා කෙනෙක් වෙන්න පුළුවන් නැන්දටයි පුංචිටයි කියලා. ඒ තරමටම නැන්දලා පුංචිලා දරුවන්ට ගොඩක් ආදරෙයි. ෂනු චූටි පුංචි වගේම ශේෂාද්‍රි තමයි ලොකු පුංචි. එයාත් පුංචි දෝනි බලන්න ගිහින් පුංචි දෝනිව හුරතල් කරන චායාරූප සාරංග විසින් සමාජ මාධ්‍යට එක්කර තිබුනා.

ඒ වගේම ෂනු මුහුණු පොතට තවත් සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්. පුංචි සැරයි හැබැයි අම්මා වගේම ආදරෙයි.කියලා තමයි සටහනක් එකතු කරලා තිබුනේ. තමන්ගේ ආකලාගේ අයියලාගේ පුංචි පටවුගේ නැන්දලා පුංචිලා වුන අය දන්නවා ඒ හැගීම මොන වගේද කියලා. ඒ හැගීම වචනයෙන් විස්තර කරන්න අපහසුයි. ඉතින් ප්‍රියසාද් පවුලේ සතුට දොරේ ගලන කාලය තමයි කියලත් මේ කාලය හදුන්වන්න පුළුවන්.

More from GossipMore posts in Gossip »