කුලයට අපහාස කළ ක්‍රිකට් ක්‍රීඩකයාට සිදුවූ දේ
ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇත.
හර්යානා පොලිසිය මේ ආකාරයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බන්ධයෙන් කුලවාදී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් නිසාය.
ඉන්ස්ටග්‍රෑම් සංවාදයකදී ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ පසුගිය වසරේයි. යුවරාජ් මෙම ප්‍රකාශය කර තිබුණේ දාලිත් කුලයට අදාළවය.
යුවරාජ් තමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබිණි. ඔහු පවසා තිබුණේ තමාගේ ප්‍රකාශය වරදවා වටහා ගැනීමෙන් මෙම ගැටලුව මතුව ඇති බවය.
‘කෙසේ වෙතත්, මා නොදැනුවත්ව හෝ කෙනෙකුට සිත් වේදනාවක් ඇති කර තිබෙනවා නම් වගකිව යුතු ඉන්දියානුවකු හැටියට ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කිරීමට කැමැතියි’ යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.
ඔහුගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසක් නරඹා තිබූ බවත්, එයින් දාලිත් සමාජයට විශාල සිත් රිදවීමක් සිදුව තිබූ බවත් යුවරාජ්ට එරෙහිව පැමිණිල්ල කළ නීතිඥයා පවසා තිබේ.
Published in Sports
More from SportsMore posts in Sports »