ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පළමු වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා නැමීබියාව අතර පැවති තරගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය අවිශ්ක ප්‍රනාන්දු හා භානුක රාජපක්ෂ අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 74 ක් පන්දුවාර 8.2 කදී එක්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කරනු ලැබුවා. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ භානුක රාජපක්ෂ සදහන් කර සිටියේ අංක 5 පිතිකරු ලෙස කටයුතු කිරීමට ලැබුණ වගකීම පිළිබඳව සතුටට පත්වන බවයි.
“මේ තරගයේ වගේම ඉස්සරහට සෙල්ලම් කරන්න ඉන්න තරග වලත් විකට් එක ටූ පේස් නිසා ලහිරු කුමාර , දුෂ්මන්ත චමීරගේ වේගයත් සමග ප්‍රතිවාදීන්ට ලේසි වෙයි කියලා හිතන්නෙ නෑ. අපේ අය 140+ දාන නිසා ලේසි නෑ ගහන්න. මහේල අයියා ටීම් එකට ආවත් සමග පොඩි වෙනස්කම් ටිකක් කළා. මාව අංක 5 ට ගෙනාවා. අවිශ්ක අංක 4 ට ගෙනාවා. ඉතින් මම හිතන්නේ අපට වගකීමක් බාරදුන්නා. මැච් 5 – 6 ක් එකදිගටම ගහන්න ලැබුණා. ඒක තමයි වටිනම දේ. මැදපෙළ පිතිකරුවෙක්ට වගකීම වැඩී. පවර්ප්ලේ එකේ තිබුණ ග්‍රීන් ලයිට් එක එතන නෑ. සිටුවේශන් එක රීඩ් කරලා කැල්කියුලේට් රිස්ක් එකක් අරගෙන ගහන්න ඕනී. හරි වෙලාවෙදි හරි තැන මට ලැබෙනවා. මම දෙවියන්ව ගොඩක් විශ්වාස කරනවා. අවිශ්කටයි මටයි ෆිට්න්ස් ඉශූ එකක් තිබුණා. ගොඩක් බාධක මැද අපි දෙන්නා ඒ දේවල් හදාගෙන ආවා. අපි දෙන්නම දුවලා කරලා ගහනවා. ඉක්මන් ලකුණු ගන්නවා. ෆීල්ඩින් කරනවා. නැශනල් ට්‍රේනර් ඩිල්ශාන් ෆොන්සේකා අපි එක්ක ගොඩක් මහන්සි වෙනවා. එකම දේ තමයි මැච් එකක් ගැහුවත් නොගැහුවත් ජිම් එකට ගිහින් පැයක් හරි පැය බාගයක් හරි ෆිට්න්ස් කරගෙන ඉන්නවා” යනුවෙන් භානුක සදහන් කර සිටියා.